විනිසුරුවන්ගේ වත්කම් බැරකම් ඉල්ලයි...ඉල්ලපු වෙලාවට නොදුන්නොත් වැඩ වරදී

Sri Lanka Bribery Commission Sri Lanka Law and Order Latest Headlines Sinhala news
By Kaushi May 25, 2025 02:46 PM GMT
Kaushi

Kaushi

Report

සියලුම මහාධිකරණ විනිසුරුවරුන් වෙත වත්කම් හා බැරකම් ඉදිරිපත් කරන ලෙසට අධිකරණ සේවා කොමිෂන් සභාව මඟින් දන්වා ඇති බව වාර්තා වේ.

ඒ දූෂණ විරෝධී පනතේ විධිවිධාන ප්‍රකාරවයි.

එසේම 2025 වර්ෂයට අදාළව තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වන නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවත් එම දැනුම් දීමේ සඳහන්.

එකපාරටම මොකද මේ වුණේ...ලෝක රූ රැජිණ තරගයෙන් හදිසියේම ඉවත් වෙයි

එකපාරටම මොකද මේ වුණේ...ලෝක රූ රැජිණ තරගයෙන් හදිසියේම ඉවත් වෙයි

ඒ අනුව මෙම දැනුම් දීම මහාධිකරණ විනිසුරුවන් වෙත කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත යොමු කරන ලද ලිපියකට අනුව, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් එච්. සංජීව සෝමරත්න මහතා විසින්.

එසේම මෙහි දී එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයාට දැනුම් දී තිබුණේ නියමිත දින, නියමිත ආකෘති ප්‍රකාරව සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බවයි.

තවද එසේ ඉදිරිපත් කිරීමට නොහැකි වන තැනැත්තන්ගේ නාම ලේඛනයක් අදාළ දිනට පසු දිනම ආයතන ප්‍රධානීන් අල්ලස් කොමිසම වෙත යොමු කළ යුතු බව සඳහන්.

අඳාළ ලිපියේ තවදුරටත් සඳහන් වන්නේ 2025 ජුනි 30 දිනට වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දුන් හා නොදුන් නිලධාරීන්ගේ නම් ඇතුළත් නාමලේඛනය 2025 ජුලි 01 වන දින පස්වරු 1 ට පෙර අල්ලස් කොමිසමේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ අංශය වෙත ලැබිය යුතු බවයි.

ශ්‍රී ලංකා රූ රැජින සියදිවි නසා ගනී.... කවුරුත් විමතියට... (PHOTOS)

ශ්‍රී ලංකා රූ රැජින සියදිවි නසා ගනී.... කවුරුත් විමතියට... (PHOTOS)

ආයතන ප්‍රධානියා විසින් එය පැමිණ හෝ විද්‍යුත් තැපෑල මගින් හෝ ෆැක්ස් මගින් හෝ ලබාදීමට කටයුතු කළ යුතු වේ. මීට පෙර ද දූෂණ විරෝධී පනත ප්‍රකාරව මහාධිකරණ විනිසුරුවරුන් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම පිළිබඳව ජනාධිපති කාර්යාලය මගින් ද අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද මහාධිකරණ විනිසුරුවරුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ භාරගත යුත්තේ ජනාධිපතිවරයා බව සඳහන් කර ඇත.

එම නිසා 2025 මාර්තු 31 දින වන විට සේවයේ නියුතු මහාධිකරණ විනිසුරුවරුන්ගේ, එදින වන විට පැවැති වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් කොමිසමේ වෙබ් අඩවියේ දක්වා ඇති ඩිජිටල් ආකෘතිය පුරවා 2025 ජුනි 30 දින හෝ ඊට පෙර ජනාධිපති කාර්යාලය වෙත එවීමට කටයුතු කළ යුතුය.

මේ සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරුවරුන් දැනුවත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජී. පී. එච්. එම්. කුමාරසිංහ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත අදාළ ලිපිය යොමුකර ඇති බව ද වාර්තා වේ.

මුතු ඇටේ හැඩ බලන්න ආපු කෙනෙක්ට ගහලා

මුතු ඇටේ හැඩ බලන්න ආපු කෙනෙක්ට ගහලා

ReeCha