දේශපාලකයන්ගේ තවත් මගඩියක් හෙළි වෙයි..වැව රක්ෂිත වලත් හෝටල් හදලා
දේශපාලනඥයන් විසින් වැව් රක්ෂිත ආක්‍රමණය කර ඉදිකරන ලද හෝටල් සහ නාන තටාක සහිත වැව් 23ක් දිවයින පුරා හඳුනාගෙන ඇතැයි ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ප්‍රකාශ කර සිටියා.
අනුරාධපුර නුවර වැව, අක්කරයිපත්තුව ඉරක්කමන් වැව, මාපාකඩ දම්බරාවැව, බදුල්ල දෙමෝදර වැව, මඩකළපුව උන්නච්චයි වැව, මඩකළපුව මාතර කැකනදුර ඇල්ල කන්ද වැව, තිස්ස වැව, නව කිරි වැව, හම්බන්තොට රිදියගම වැව, දඹුල්ල දේවහූව වැව, දඹුල්ල වෑමැඩිල්ල වැව, ගල්ගමුව සියඹලංගමුව වැව, වාරියපොළ දැදුරුඔය ජලාශය, මුතුකණ්ඩිය මොණරාගල වැව, මන්නාරම යෝධ වැව, මන්නාරම අකතිමුරුප්පු වැව, මන්නාරම වියදි කුලම්, වව්නියාව පාවට්ට කුලම්, පොළොන්නරුව මින්නේරිය වැව, පොළොන්නරුව ගිරිතලේ වැව, ඉඟිණිමිටිය වැව, පුත්තලම තබ්බෝව වැව සහ කන්තලේ වැව ආදිය මෙම හඳුනාගත් වැව් අතර වනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මෙම වැව් විසිතුනේ රක්ෂිත සීමා ලකුණු කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මිනුම් දෙපාර්තමේන්තුව එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇති අතර, එහි මූලික පියවර නුවර වැවෙන් ආරම්භ වන බවයි. උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී මෙම රැස්වීම පැවැත්වුණා.
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී යෝජනා කෙරුණේ නුවර වැව අවට නීත්‍යනුකූල නොවන පදිංචිකරුවන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර විධිමත් වාර්තාවක් සකස් කළ යුතු බවත්, එම ඉඩම්වල රක්ෂිත ප්‍රදේශ මැනුම් කටයුතු කළ යුතු බවත්ය.
නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කරනු ලැබුවේ නුවර වැවේ මැනුම් කටයුතුවලදී මෙවර සිදු කරන්නේ මායිම ගල් දැමීම වෙනුවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සලකුණ සහිත රක්ෂිත සලකුණු කිරීම පමණක් බවය.
