මෙන්න තවත් සුපිරි රථයක් හමුවෙයි..මේ සුඛෝපභෝගී රථය කාගේද...

Report

අනන්‍යතාව තහවුරු කර නොගත් සුඛෝපභෝගී රථයක්, කිඹුලාපිටිය - ගුවන්තොටුපොළ මාර්ගයේ පිහිටි නිවසක තිබී සොයාගෙන තිබේ.

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත එම රථය එම නිවසෙහි කඩ කාමරයක ගාල් කර තිබියදී සොයාගෙන ඇත.

අනතුරුව එම රථය කටාන පොලිස් ස්ථානය වෙත ගෙනැවිත් තිබේ.පොලීසියට එම සුඛෝපභෝගී රථය එකලස් කරන ලද වාහනයක් බවට සැකයක් ඇතිව තිබෙනවා. 

ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු නියෝග කර ඇත්තේ, එම රථය රේගු දෙපාර්තමේන්තුවට හා රජයේ රස පරීක්ෂක වෙත යොමුකර පරීක්ෂා කිරීමෙන් පසු වාර්තා ඉදිරිපත් කරන ලෙසය.

කෙසේවෙතත් මෙහි හිමිකාරීත්වය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත.