මෙරට තවත් ජල විදුලි බලාගාරයක් වැසෙයි.

Sri Lanka Ceylon Electricity Board
By Wayomi Feb 21, 2023 06:13 AM GMT
Wayomi

Wayomi

Report

කුකුළේ ගඟ ජල විදුලි බලාගාරය මාස තුනක කාලයක් සඳහා වසා ඇති බව කුකුළේ ගඟ ජල විදුලි බලාගාරයේ ප්‍රධාන ඉන්ජිනේරු ශාන්ත පෙරේරා සඳහන් කළා.

ඒ, මීපාගම ජලාශයේ සිට කුකුළේ ගඟ ජල විදුලි බලාගාරය දක්වා ජලය රැගෙන එන නළ පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්ක දෙකට අයත් කලවාන, අයගම, බුලත්සිංහල සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පැතිර පවත්නා මෙම විදුලි බලාගාරය ලංකාවේ දෙවන භූගත ජල විදුලි බලාගාරයයි.

කුකුළේ ගඟ හරහා මීටර් 100ක් උසින් යුතු වේල්ලක් ඉදිකර කලවාන, මීපාගම ප්‍රදේශයේ ජලය රැස්කරන අතර එතැන් සිට කි.මී 7ක දුර ප්‍රමාණයක් භූගත නළ මගින් මෝල්කාව මාකෙළිය ප්‍රදේශය දක්වා ජලය රැගෙන එනු ලබනවා

කුකුළේ ගඟ ජල විදුලි බලාගාරය ඉදිකිරීමේදී වාර්ෂිකව විදුලිය ඒකක මිලියන 317ක් ජාතික පද්ධතියට එකතු කිරීමට ඇස්තමේන්තු කර තිබූ නමුත් 2021 වසරේදී ඒකක මිලියන 401ක් සහ 2022 වසරේ ඒකක මිලියන 372ක් නිපදවා තිබෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...         

JOIN NOW


ReeCha