තවත් භූ කම්පන තත්ත්වයක් - එහි නවතම තත්ත්වය..
By krishani
රිච්ටර් මාපකයේ 5.6ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් පිලිපීනයේ මින්ඩනාඕ ප්‍රදේශයට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එම භූමිකම්පාව කිලෝමීටර් 10 ක් ගැඹුරින් සිදුව ඇත.
ඒ බව පිලිපීන නියෝජිතායතනය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, එම භූ කම්පනයෙන් හානියක් වාර්තා වී නොමැති අතර පසු කම්පන ඇති විය හැකි බව වාර්තා වේ.