ඉදිරියේ දී තවත් භූ කම්පන රැසක් ගැන අණාවරණයක් - ශ්‍රී ලංකාවටත් බලපායි ද?..
ශ්‍රී ලංකාව පිහිටි ඉන්දු ඔස්ට්‍රේලියානු තල මායිමේ තවත් විශාල භූ කම්පන ප්‍රමාණයක් ඉදිරියේ දී සිදුවිය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, භූ විද්‍යාඥ අතුල සේනාරත්න සඳහන් කළේ ය.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ 11 අලුයම 1.30ට පමණ මඩකළපුවට ඔබ්බෙන් කිලෝමීටර 310ක පමණ දුරින් ඊසානදිග ගැඹුරු මුහුදේ සිදු වූ රිච්ටර් මාපක ඒකක 4.65ක් වූ භූ කම්පනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ය.
එමෙන්ම පසුගිය පැය 10 තුළ ඉන්දු-ඔස්ට්‍රේලියානු භූ තලයේ මෙන් ම ඉන්දුනීසියාව හා ජපානය අතර භූ තලයේ රිච්ටර් මාපක 4ට වැඩි භූ කම්පන 8ක් සිදුව තිබෙනවා.
මේ අතර මහාචාර්යවරයා සඳහන් කළේ දකුණු අර්ධගෝලයේ කිසියම් රටාවකට අනුව සිදුවන එම භූ කම්පන අනුව ඉදිරියේ දී භූ කම්පන රැසක් සිදු විය හැකි බවයි.
කෙසේ වෙතත්, මේ පිළිබඳව අනිසි ලෙස බියට පත් විය යුතු නොමැති බවත් විශාල විභව ශක්තියක් පිට කරමින් මහා පරිමාණ කම්පන සිදුවුවහොත් ලංකාවට බලපෑමක් එල්ලවිය හැකි බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ය.
