එකින් එක ගැලවෙන ආචාර්ය පට්ටම..මෙන්න තවත් අමාත්‍යවරයකුගේ ආචාර්ය උපාධිය වෙබ් අඩවියෙන් ඉවතට..
By Piyumika
පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන්ද ආචාර්ය උපාධියක් සඳහන්ව තිබී ඉවත් කරනු ලැබ ඇත.
සභානායක කාර්යාලය ඒවා තිබූ ලිපියක තොරතුරු අනුව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ එලෙස ආචාර්ය උපාධිය සඳහන් කර තිබිණැයි කියති.
කෙසේ වෙතත් හර්ෂන නානායක්කාර මහතා පෞද්ගලිකව ආචාර උපාධියක් ගැන සඳහන් කර ලිපියක් භාරදී නොතිබූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරුන්ගේ විස්තර නිවැරදිව සටහන්ව තිබේදැයි පූර්ණ සොයාබැලීමක් කරන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් එම වෙබ් අඩවිය බාර නිලධාරීන්ට දැනුම් දී ඇත.
You may like this video