තවත් අධි බලැති බෝම්බයක් හමුවේ..වහාම නිශ්ක්‍රීය කිරීමට පියවර.
Jaffna
bomb
special force
Kopaai
By Sewvandhi
යාපනය කෝපායි ප්‍රදේශයේ වැසියෙකු පුරන් වූ කුඹුරක් සී සාමින් සිටයදී පොළව යටතිබී අධිබලැති ක්ලේමෝ බෝම්බයක් හමු වී ඇතැයි කෝපායි පොලීසිය පවසයි.
කෝපායි ප්‍රදේශයේ පදිංචි ගොවියෙකු විසින් සිය පුරන් වූ කුඹුර සී සාමින් සිටින අවස්ථාවේදී පොළව යටින් යකඩ පෙට්ටියක් වැනි යමක් මතුවීමෙන් ඒ පිළිබඳව කෝපායි පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව අදාල ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කොට ඇත.
එහිදී අනාවරනය වී ඇත්තේ වලදමා තිබූ අධිබලැති ක්ලේමෝ බෝම්බයක් බවටත් එය කිලෝ 15 ක් පමණ බරින් යුක්ත වන බවටද එය යුද සමයේදී කොටි සංවිධානය විසින් වලදමන්නට ඇති බවට සැක පලක බවද පොලිසිය පැවසීය.
සොයාගත් ක්ලේමෝ බෝම්බය අධිකරණ නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ඇතිව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන කෝපායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
