හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ට තවත් තහනමක්. - දැන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න. - (VIDEO)

Sri Lanka Politician Sri Lanka Magistrate Court Diana Gamage
By Wayomi May 09, 2024 07:21 AM GMT
Wayomi

Wayomi

Report

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඒ, අනුව එම නියෝගය පිටපත් ආගමන හා විගමන පාලකවරයා සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයට යොමු කරන ලෙසත් නියෝග කර තිබෙනවා.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08) තීන්දුවක් ලබා දී තිබෙනවා.

ඒ,සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඉදිරිපත් කර තිබුනේ, ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින්.   

.......................................................

May you Like