පාසල් විවෘත කිරීමට වෛද්‍ය සංගමයෙන් විශේෂ වැඩ පිළිවෙලක්
පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීමෙන් පසු ගුරුවරුන් එක පන්තියක් බුබුලක් යටතේ තබාගත යුතු බව වෛද්‍යවරුන් පවසයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරන්නේ පාසල් ආරම්භ කිරීමෙන් පසු පන්ති මිශ්‍ර කිරීම නොකළ යුතු බවය. එමගින් කොවිඩ් පැතිරීම අවම කිරීමට හැකියාව ලැබෙන බව ඇය වැඩිදුරටත් පෙන්වා දුනි.
පාසල්වල ප්‍රාථමික අංශය සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව හෙට (25) සිට ආරම්භ කිරීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ, "අපිට යළිත් පෙර තිබූ ආකාරයට රැල්ලක් ඔරොත්තු නොදෙන නිසා කුඩා රැල්ලක් පවා නවත්වා ගැනීමට අවශ්‍යයි.
මේ වෛරසයෙන් පරෙස්සම් වෙන්න දරුවන්ව පුරුදු කරන්න ඕනේ. දරුවන්ට ඇති රෝග ලක්ෂණ ගැනත් දෙමව්පියන් සැලකිලිමත් වියයුතුයි. සැකසහිත රෝග ලක්ෂණ තිබෙනවා නම් පන්තියේ ගුරුවරයාව දැනුවත් කරන්න. මේ ආකාරයට කටයුතු කළොත් ගැටලුවකින් තොරව පාසල් කටයුතු පවත්වාගෙන යන්න හැකිවෙයි."
"අලුත් ප්‍රභේදයක් විදිහට ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය හඳුනාගෙන තිබෙනවා. මොන ආකාරයට මේක පැතිරෙනවා ද යන්න තාම ලෝක සෞඛ්‍ය සංවිධානය මත පළ කරලා නැහැ. එන්නත්කරණය සම්පූර්ණ කළාට පස්සේ නව ජීවන රටාවක් සමග තමයි ඉදිරියට යන්න වෙන්නේ."
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක |
