උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කීරිම ගැන නිවේදනයක්

A/L results
By Thaya Jan 18, 2021 03:23 PM GMT
Thaya

Thaya

Report

මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසයේ දී නිකුත් කිරීමට කටයුතුකරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබන සිසුන් සැප්තැම්බර් මාසය වනවිට විශ්වවිද්යාලවලට ඇතුළත් කරගැනීමට ද පියවරගන්නා බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පැවති විවිධ අර්බුදකාරී තත්ත්වයන් හමුවේ වුවද උසස් පෙළ විභාගය සාර්ථකව පැවැත්වීමේ හැකියාව ලැබුණු බව අද පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය.

ලබන මාර්තු මාසයේ දී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ද පැවැත්වීමට සැලසුම්කර ඇති අතර එහි ප්‍රතිඵල ද ජුනි මාසය වනවිට නිකුත් කිරීමට පියවර ගන්නා බවද ජී. එල් පීරිස් අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා බස්නාහිර පළාතේ පාසල් එළැඹෙන 25 වැනිදා විවෘත කරන බවද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

ReeCha