අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්.

education ministry special
By Thaya Dec 25, 2020 11:18 AM GMT
Thaya

Thaya

Report

මෙම වර්ෂයට නියමිත විෂය නිර්දේශ ආවරණය වී නොමැතිනම් ලබන වසරේ මුල් මාස දෙක ඇතුළත පාසල් මට්ටමින් වැඩපිළිවෙළක් සකස්කර එම කොටස් ආවරණය කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් බලධාරීන්ට සහ විදුහල්පතිවරුන්ට දැනුම්දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව සඳහන් කරයි.

මෙම වර්ෂයේ තුන්වන පාසල් වාරය ඊයේ (23) දිනෙන් අවසන් වූ අතර ලබන වසර සඳහා වන පාසල් වාරය ජනවාරි මස 11 වනදා ආරම්භ වනු ඇත.

කෙසේ වෙතත් බස්නාහිර පළාතේ සහ හුදකලා කරඇති පොලිස් බලප්‍රදේශවල පිහිටි පාසල් එදිනට විවෘත නොකරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

නව පාසල් වාරය ආරම්භ කෙරෙන සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කෙරෙනු ඇත.

ReeCha