මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Report

ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිසම වෙත භාරදීමට ලබාදී තිබු කාලය අවසන් වුණා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (31) ඒ අනුව එම නම් සඳහන් ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා පසුගිය පෙබරවාරි 17 වනදා නිකුත් කර ඇති ගැසට් නිවේදනය මගින්, පළාත් පාලන ආයතනවල ධුර කාලය 2025 ජූනි 2 වනදා ආරම්භ විය යුතු බවට නියම කර තිබෙනවා.

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා

එම නියමය අනුව, පළාත් පාලන ආයතනවල ධුර කාලය ආරම්භ කිරීමට පෙර තේරී පත්වූ සහ තෝරා එවා ඇති සභිකයින්ගේ නම් ගැසට් මගින් පළ කළ යුතුව ඇත.

මැතිවරණ කොමිෂන් සභාව විසින් මැයි 27 වනදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුනේ තේරීපත් වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත කඩිනමින් ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින්.

සභිකයින්ගේ නම් ගැසට් කිරීමෙන් පසු පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී අදාළ පළාත් පාලන ආයතනයේ 50% වැඩි ඡන්ද ප්‍රතිතශයක් ලබාගත් පක්ෂය විසින් නම් කර එවනු ලැබූ පළාත් පාලන ආයතනයේ සභාපති සහ උප සභාපතිවරයාගේ නම් ද මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කරනු ඇත. 

දැන් ලැබුණු විශේෂ නිවේදනයක්

දැන් ලැබුණු විශේෂ නිවේදනයක්