රට වහනවද..? නව සෞඛ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්..

By Sewvandhi Aug 17, 2021 10:27 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් වසංගතය ට මුහුණදීමට ඇති ක්‍රමවේදය වන්නේ එන්නත්කරණය හා සෞඛ්‍ය උපදෙස් මත ජීවත්වීමට උත්සහ ගැනීම පමණක් බව නව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

රට වසා නොදැමීමට රජය විසින් තීරණය කළේ ඇයි දැයි යන්න පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා අද (17) කොළඹ දී එම අදහස් පළ කළේය. ලෝකයේ සවිමත් ආර්ථිකයක් ඇති රටවල් පවා කොවිඩ් වසංගතය හේතුවෙන් මුල් කාලයේ දී රට වසා දැමුවත් නැවත රට විවෘත කිරීම තුළ වසංගතය ට මුහුණදීමට සිදුවු බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එනිසා අවසන් වශයෙන් කොවිඩ් තත්ත්වය පාලනය කිරීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග රජය විසින් ගෙන ඇතැයි ද ඒ් මහතා කියා සිටියේය.

"එක මතයක් තමයි සම්පූර්ණයෙන් ම වහන්න කියන එක‍ සති දෙකක්. එතකොට අපි මාස ගානක් වහලා තියලා ඇරියේ. එතකොට මොකද්ද වෙන්නේ. ලෝකයෙත් එහෙමයි. එංගලන්තයේ පාසල් වහලා තියලා ඇරියා. ඇරලා සුමාන දෙකක් යද්දි ආය වැහුවා. එතකොට රජයේ සේවකයින් ලක්ෂ 15කට අධික සංඛ්‍යාවක් ඉන්නවා. ඒ අයගේ වේතනය ලැබෙනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. නමුත් මේකේ ඉන්නවා ස්වයං රැකියා කරන අය, ජීවිතේ ගැ‌ට ගහගන්න අය. මේ අය ගැන කවුරුත් වචනයක්වත් කතා කරන්නේ නෑ. අපි මේ දෙක අතරේ යම් පරිපාලනයක් ගේන්න අවශ්‍යයි. අපේ විශ්වාසයක් තියෙනවා. සංචරණ සීමා දැඩි කරලා තියෙනවා මේ වෙනකොට. මං හිතන්නේ ඒක සාධාරණයි. ඔබ තුමන්ලා අද දකින්න ඇති අද කොළඹ නිවාඩු දවසක් වගේ. ජනතාවත් තමන්ගේ විනයගරුකභාවය ඇඟට අරගෙන තියෙනවා. එකක් තමයි පොඩි බයක් දැනිලා තියෙනවා මේ විදියට යන්න දෙන්න බෑ. අපිත් මේකෙන් පරිස්සම් වෙන්න ඔනේ කියලා. මේ කරුණු දෙක තුනම එකට යන්න ඔනේ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now