වාහන ගන්න ඉන්න අයට සුභ ආරංචියක්

Covid 19 Corona virua srilanks
By Sithumi Oct 14, 2021 04:19 PM GMT
Sithumi

Sithumi

Report

මෙරටට වාහන ගෙන්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරියේදී රජයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව මහ බැංකු අධිපතිවරයා පැවසීය.

අද (14) පැවති මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේ, මෙරටට වාහන ආනයනය කිරීමේදී සියලු ආනයන වියදම් විදෙස්වල ඇති මුදල් පමණක් භාවිත කර සිදුකිරීමේ නව ක්‍රමවේදයක් පිළිබඳව එහිදී යෝජනා කරන බවය. "වාහන සම්බන්ධයෙන් යම් බුබුලක් ඇතිවෙනවා අපි දකිනවා.

ඒ තුළින් සමහරවිට අපේ පද්ධතියට යම් හානියක් වෙන්න පුළුවන් ඉදිරි කාලයකදී. ඒ නිසා අපේ යෝජනාවක් තිබෙනවා, වාහන ගෙන්වීමට පුළුවන් නම් පිටරට මුදල්වලින්. ඊටත් අමතරව පිටරට මුදල්වලින් ගෙවීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන්න පුළුවන් නම් ඒ තුළින් විදේශ විනිමය ගලාඒමක් සිදුවෙනවා. අවශ්‍ය භාණ්ඩයත් ලැබෙනවා. හෙට අනිද්දා වෙනකොට අපි රජයට ඒ පිළිබඳව ලිඛිතව දන්වන්න බලාපොරොත්තු වෙනවා."


දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු විත් ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සෙනසුරාදම අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක

 
සබ්ස්ක්‍රයිබ් කරන්න



වීඩියෝ එකක් අප්ලෝෆ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.