විශ්වවිද්‍යාලයක සිසුන්ට විශේෂ නිවේදනයක්..!

Jayantha Lal Rathnayake uva wellassa university science faculty
By Sewvandhi Nov 02, 2021 09:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු අද (02) සිට ආරම්භ වී තිබේ. එහි උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා සඳහන් කළේ, ඉදිරි තත්ත්වය සැළකිල්ලට ගනිමින් අනෙකුත් පීඨවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බවය. මේ අතර විශ්වවිද්‍යාලය තුළට පැමිණීමේ දී කොවිඩ් එන්නත ලබාගත් කාඩ්පත රැගෙන ඒම අනිවාර්ය බව ද උපකුලපතිවරයා සඳහන් කළේය.

"ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ සිසුන්ගේ ප්‍රායෝගික පන්ති අද ආරම්භ වුණා. මුලින්ම අපි ව්‍යවහාරික විද්‍යා පීඨායේ තුන්වන වසරේ සිසුන්ගේ ප්‍රායෝගික පන්ති අවසන් කරලා, ඊට අදාළ පරීක්ෂණත් ඉවර කරලා ඊට පස්සේ කෘෂි විද්‍යා පීඨයේ, ඊළඟට තාක්ෂණ පීඨයේ වශයෙන් දිගටම පවත්වන්න බලාපොරොත්තු වෙනවා.

ඒ අතර රටේ තත්ත්වය යහපත් වෙලා අපිට සෞඛ්‍ය අංශවලින් නිර්දේශ ලැබුණොත් සියලුම වසරවල සිසුන් කණ්ඩායම් වශයෙන් ගෙන්වීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ විශ්වවිද්‍යාල භූමියට සහ විශේෂයෙන් නේවාසිකාගාරවලට එන අයට කොවිඩ් -19 එන්නත් කාඩ්පත අනිවාර්ය කරලා තියෙනවා. කාරුණිකව සියලුම සිසුන්ගෙන් ඉල්ලා සිටිනවා කොවිඩ් එන්නත් දෙකම ලබාගන්න විශ්වවිද්‍යාලය සම්පූර්ණයෙන් ආරම්භ කරන්න අපිට පිටුවහලක් වෙනවා."

මේ අතර වර්තමානය වන විට රට තුළ ගුරු හිඟයක් නිර්මාණය වෙමින් පවතින බව ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපන සේවා වෘත්තීය සංගමය පවසයි. එහි විධායක සභික එස්.එම්.පි.බණ්ඩාර මහතා සඳහන් කළේ, වසර දෙකක කාලයක් පුරා විද්‍යාපීඨ මඟින් පාසල් පද්ධතියට ගුරුවරුන් එක්ව නොමැති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now

  

ReeCha