එන්නතක දෙවන මාත්‍රාව සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..!

By Sewvandhi Nov 03, 2021 03:28 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මහනුවර ප්‍රදේශයට ලබාදුන් මොඩර්නා එන්නත් කල්ඉකුත්වීමට පෙර වහාම දෙවන එන්නත් මාත්‍රාව ලබාගන්නා ලෙස වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා අද (03) ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා, "මොඩර්නා එන්නත අපි නුවරට තමයි විශේෂයෙන් දුන්නේ.ඒ එන්නතේ දෙවන මාත්‍රාව තාම නොගත්තු සුළු පිරිසක් ඉන්නවා. තව මාස 2ක් ඇතුළත ඒකේ කාලය ඉකුත්වෙනවා."

මේ අතර පසුගිය පළමු වැනිදා ආරම්භ කෙරුණු, කොවිඩ් මර්දන තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත් ලබාදීම අදත් ක්‍රියාත්මක වුණි. ඒ අනුව මේ දක්වා ලබාදී ඇති තෙවැනි එන්නත් මාත්‍රා ගණන 9,107කි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW