අවුරුදු 20ට වැඩි අයට තෙවැනි මාත්‍රාව සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

COVID19 VACCINATION THIRD DOSE
By Sewvandhi Nov 19, 2021 12:20 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අවුරුදු 20ට ඉහළ විවිධ රෝගාබාධ හේතුවෙන් පීඩා ලබන පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන තෙවැනි එන්නත් මාත්‍රාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කර තිබේ.

එම එන්නත්කරණ වැඩසටහන හෙට සිට ආරම්භ කිරීමට නියමිතය. ඒ යටතේ, ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින් ට, නිදන්ගත වකුගඩු රෝගීන් ට, ඇට මිඳුළු බද්ද කිරීම්වලට ලක්වු අයට, පිළිකා රෝගයෙන් පීඩා විඳින අයට හෝ අනෙකුත් විවිධ රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින් සඳහා එම එන්නත් මාත්‍රාව ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

දෙවැනි කොවිඩ් මර්දන මාත්‍රාව ලබාගෙන මාසයක් සම්පූර්ණ කර ඇති පුද්ගලයින් සඳහා එම මාත්‍රාව ලබාදීම රෝහල් සහ සායන හරහා සිදුකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha