අනිල් ජාසිංහ මහතාට හදිසියේම සිදුවුණු දේ

srilanka Corona virus covid 19 Anil jasinghe
By Sithumi Oct 03, 2021 04:54 PM GMT
Sithumi

Sithumi

Report

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා ෆැසිපික් පරිසර ප්‍රාදේශීය සමුළුවට සහභාගී වීම සදහා , විදේශගත වීම සදහා 10/03 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටින වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, කොරෝනා මර්දන එන්නත් ලබා ගත් බවට සනාථ කරන කාඩ්පත රැගෙන නොපැමිණීම නිසා, ඔහුට ගුවන් ගත වීමට නොහැකිව ගුවන් තොටුපළ තුළ රැදී සිටීමට හේතු වී තිබේ.

ඔහු මෙම සමුළුවට සහභාගී වීම සදහා 10/03 දින රාත්‍රී 08.30 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ඔස්සේ දකුණු කොරියාව වෙත පිටත්වීම සදහා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 653 දරන ගුවන්යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. 

 අනිල් ජාසිංහ මහතා එන්නත් ලබා ගත් බවට සනාථ කෙරෙන කාඩ්පත ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට, තම නිවස තුළ සොයා බැලුවද , එය සොයා ගැනීමට නොහැකිව අස්ථානගත වී ඇති බව පැවසීය. එනිසා මෙම කාඩ්පතේ ජායා පිටපතක් , ජාතික රෝහලේ සිට තම වට්ස් ඇප් ගිණුම වෙත ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටී .

මෙම එන්නත් කාඩ්පත නොමැතිව කිසිදු රටක ගුවන් තොටුපළකින් එම රට තුළට ඇතුළු කර ගැනීම අනිවාර්ය අංගයක් බවට පත් වී තිබේ.

– ටී.කේ.ජී. කපිල


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now