අන්දමන් දූපත් ආශ්‍රිත ව සිදුවූ දේ..මුහුදු රළ මීටර් 3කින් වැඩි වෙයි..ලංකාවට අනතුරු අඟවයි..

Sri Lanka Weather Galle Hambantota Andaman island
By Aruna Nov 12, 2021 04:31 AM GMT
Aruna

Aruna

Report

ඉන්දීය සාගරයේ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව නව අඩුපීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එය, හෙට දිනයේදී ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, දිවයිනට නැගෙනහිරින් වන ගැඹුරු මුහුද ආශ්‍රිත ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බවයි එමඟින් දැනුම් දෙන්නේ.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළ යා හැකි අතර, පුත්තලමේ සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 - 60 දක්වා ඉහළ යා හැකියි.

එමෙන්ම එම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 3 ක් දක්වා ඉහළ යාමේ හැකියාවක්ද පවතින අතර, මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now