“බොහෝ උදවිය වතුර වීදුරුවේ කිඹුල්ලු මැව්වා” - 22 ගැන තීන්දුවෙන් පසු සුනිල් වටගලගෙන් සැර කතාවක් [VIDEO]
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අද ලබාදුන් තීන්දුව පිළිබඳව සුනිල් වටගල නියෝජ්‍යා ඇමතිවරයා මාධ්‍ය වෙත අදහස් පළ කළේය. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අද ලබාදුන් තීන්දුව පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍යා සුනිල් වටගල ඇමතිවරයා සඳහන් කළේ, එම සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් පමණක් සම්මත කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පැහැදිලි වන බවයි.
ජනමත විචාරණයක් අවශ්‍ය බවට ඇතැම් පාර්ශ්වයන් විසින් මතු කළ අදහස්වලට පදනමක් නොමැති බව ද එම තීන්දුවෙන් තහවුරු වී ඇති බව සුනිල් වටගල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු එතුමා;
“මේ 22 සම්බන්ධයෙන් බොහෝ උදවිය වතුර වීදුරුවේ කිඹුල්ලු මැව්වා. අපි මේකේ තර්ක දෙකයි තිබුණේ.
මෙම 22ක ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3කින් සම්මත කළ හැකිද, එහෙම නැත්නම් 2/3ක් සහ ජනමත අවශ්‍යද කියලා. එතකොට 2/3ක් සහ ජනමතයක් අවශ්‍යද කියන ප්‍රශ්නයට අද උත්තරේ දුන්නා.
2/3කින් පමණක් මෙය සම්මත කළ හැකි බව, ජනමත විචාරණයක් අවශ්‍ය නැති බවත. ඒක හින්දා අපි කිව්වා මේ සමාජයට අනවශ්‍ය කලබලයක් ඇති කරගන්න ඇතැම් කණ්ඩායම් උත්සාහ කළා.
ඒ උත්සාහයන්වලට පදනමක් නැහැ කියලා. ඒ පදනමක් නැහැ කියපු එක අද ඔප්පු කරලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඇතුළේ. ඇත්ත වශයෙන්ම මෙය සමාජ ප්‍රගමනයට ලක්වෙන්න ඕන සංශෝධනයක් බව ප්‍රබල උත්තරයක්, ඇත්ත වශයෙන්ම මේක ,Thesis එකක් හොඳ විග්‍රහාත්මක ලියවිල්ලක් දිලා තියෙනවා පිටු 96ක.”
මුළු රටම බලා සිටි තීන්දුව ලබා දෙයි - ''22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නැති බව'' ශ්‍රේෂ්ඨාධිකරණය කියයි