අනුජන් සිවරාසාගේ නඩුව ගැන විදේශ අමාත්‍ය විජිත හේරත්ගෙන් පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක්
සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික අනුජන් සිවරාසාගේ සිද්ධිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත නියෝජිත පිරිසක් සෞදි අරාබියට යැවීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ විශේෂ ඉල්ලීමක් ඇතුළත් ලිපියක් සෞදි රජු වෙත භාරදීමටද මෙම නියෝජිත පිරිස කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම නියෝජිත පිරිස සෞදි අරාබියට ගොස් අදාළ නීතිමය හා රාජ්‍ය තාන්ත්‍රික පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
ගුරු සංවර්ධන නිලධාරීන්ව නිශ්චිතව ගුරු සේවයට බඳවා ගන්නවා කිව්වා.. විභාගේ ප්‍රතිඵල ඔන්න මෙන්න තියාන ගුරු ප්‍රශ්නෙන් මැති සබේ ඇවිලෙයි
එමෙන්ම, අනුජන් සිවරාසා සම්බන්ධයෙන් අවශ්‍ය සියලු නෛතික වියදම් දැරීමට රජය සූදානම් බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඔහු තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්
''දැනට සෞදි අරාබියේ සිරගතව සිටින අනෝජන් 1999 දෙසැම්බර් ඉපදුන කෙනෙක් ඔහු කල්මුණේ පදිංචි කරුවෙක් .2025 සැප්තැම්බර් මාසෙ විදේස ගත වෙලා තියෙන්නේ ඔහු ඩෙනි අරාබියා යටතේ සේවය කර තියනවා . ඔහු තමාගේ මුහුණුපතෙහි සටහනක් හේතුවෙන් ඔහුගේ රැකියාවට හානි වී ඇති හෙයින් ඔහුව ගෙන්වා දෙන ලෙස ඔහුගේ දෙමව්පියන් විදේශ කටයුතු අමාත්‍යංශය වෙත 2026 ජූලි මාසෙ 1 වෙනි දින ලිඛිත ඉල්ලීමක් කර තිබුණා . එදිනම තානපති කාර්‍යාලය ඔහු වැඩ කළ සමාගමෙන් කරුණු විමසා තිබුණා එහිදී එහි මානව සම්පත් කළමනාකරු දැනුම් දී ඇත්තේ ඔහු පොලීසියෙන් අත් අඩංගුවට ගෙන ඇති බවයි . සමාගම විසින් වාචිකව ලබා දුන් පිළිතුර අනුව සමාජ මාධ්‍යයේ පළ කරන ආගමික වශයෙන් සංවේදී ප්‍රකාශයක් හරහා සයිබර් අපරාධ සම්බන්ධයෙන් එරට නීති උල්ලංගනය කර ඇති බවත් .එමගින් ආගමික අපහාසයක් සිදුව ඇති බවයි පළවෙනි වරට දඩුවම දීලා තිබුණේ සරියා නීතිය යටතේ නෙමෙයි සයිබර් අපරාධ නීතිය යටතේ .මුලින් වසර 5ක් සිර දඩුවමක් ඔහු වැරැද්ද භාරගෙන තිබුණා . ඔහුම දුරකතනය හරහා ඉල්ලීමක් කර තිබුනා. ඔහුගේ පියාද අභියාචනායක් ඉදිරිපත් කර තිබුණා . සරියා නීතිය යටතේද දඩුවම් කරන ලෙස සෞදි රජයෙන් අභියාචනයක් ඉදිරිපත් කර තිබුණා . ඉන්පස්සේ මේ දඩුවම දීලා තියනවා. අපිට ලිඛිතව තීන්දුව ලැබිලා නෑ මෙම නඩුව ගැන නීති උපදෙස් ලබ ගන්න කටයුතු කරනවා . කඩිනමින් කටයුතු කරනවා , ජනපති නීතීඥවරු මේ ගැන නීතිමය මැදිහත් වීම කරනවා .නඩු කටයුත්තේ සියලු වියදම් රජය දරනවා ''