සංචරණ සීමා අවශ්‍ය නෑ.!ප්‍රභේදය කුමක් වුවත් ඇත්තේ එකම විසදුමයි.?

VACCINATION PFIZER LOCK DOWN ANANDHA VIJEWICKRAMA PRASANNA RANATHUNGA
By Sewvandhi Sep 20, 2021 02:16 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බස්නාහිර පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ අඩුවීමක් පෙන්නුම් කරන බව ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච්. රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රකාශ කළා. පසුගිය සතිවලට සාපේක්ෂව මේ සතිය වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින්ගේ අඩුවක් පවතින බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොරෝනා ව්‍යාප්තිය පිළිබදව ජනතාව දැනුවත් කිරීම සඳහා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව අද සංවිධාන කළ “වසංගතය නිමා වී වසන්තය එනවා සත්තයි” ඒකාබද්ධ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්.

මේ අතර, පාසල් ළමයින් එන්නත්කරණය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ කළ වහාම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේ. වයස අවුරුදු 15 සිට ඉන් ඉහළ වයස්වල පසුවන පාසල් සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට සැළසුම් කර ඇති අතර ඊට අවශ්‍ය ප්‍රමාණවත් එන්නත් තොග මෙරටට ලැබීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේ.

ඒ, අනුරාධපුරය - එප්පාවල ප්‍රාදේශීය රෝහලට වෛද්‍ය උපකරණ ලබාදීමේ අවස්ථාවට අද එක්වෙමින්. මේ අතර කොරෝනා ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව, ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය, ජර්මනිය, කැනඩාව, ස්පාඤ්ඤය, චීනය, සිංගප්පූරුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පැනවූ සංචරණ සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා.

මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදීයි ඔහු මේ බව අවධාරණය කළේ.

මේ අතා ආනන්ද විජේවික්‍රම මහතා සදහන් කරේ එන්නත් ලබා ගැනීම මගින් මරණ අඩු කර ගත හැකි බවයි..එමෙන්ම වෛදය සේවයේ නියතු අය කොවිඩ් රෝගය වැළදුනද සති 2ක පසු නැවත පැමිණ වැඩ ආරම්භ කරන බවද එතුමා වැඩි දුරටත් සදහන් කරනවා..එමෙන්ම ඔක්තෝබර් 1වනදා සිට මොන තත්වයක් තිබුනත් රට නැවතත් යතා තත්ත්වයට පත් විය යුතු බවත් සදහන් කලා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now