හදුනාගන්නා ආසාදිතයන් මෙන් තුන් ගුණයක් සමාජයේ නිදැල්ලේ - භයානක තත්වයක්

Coronavirus ananda wijewikrma
By Sithumi Aug 16, 2021 12:54 PM GMT
Sithumi

Sithumi

Report

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඇදිරි නීතිය, සංචරණ සීමා හෝ ලොක්ඩවුන් ක‍්‍රමවලට වඩා අත්‍යවශ්‍ය වන්නේ ජනතාව ඒකරාශී වීම වළක්වා ගැනීම බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

ඒ නිසා අනවශ්‍ය ගමන් බිමන් සාද පැවැත්වීම වැනි ජනතා ඒකරාශී වීමෙන් වළක්වා ගත යුතු බවද ඔහු පවසයි. රට පසුවන්නේ තීරණාත්මක අවස්ථාවක නිසා කොරෝනා වෛරසය තමන්ට වැළඳීම වළක්වා ගැනීම මෙන්ම තම පවුලේ අය හිතවතුන් ඉන් බේරා ගැනීමද වැදගත් බව ද ඔහු පැවසීය.

එනිසා අත්‍යවශ්‍ය දේකට හැර නිවසින් බැහැරට නොයන ලෙසද ඔහු ඉල්ලා සිටියේය. දැනට වාර්තා වන ආසාදිතයන්ට වඩා මේ වන විට තුන් ගුණයකට වැඩි පිරිසක් සමාජයේ ආසාදිතයන් සිටිය හැකි බව ද පැවසූ ඔහු දැනට ආසාදිතයන් ලෙස හඳුනාගන්නේ පරීක්ෂණ කරන පිරිසෙන් පමණක් බවත් පැවසීය.

එනිසා තවත් රෝග ලක්ෂණ නැති පුද්ගලයන් සේ ම පරීක්ෂණවලට ලක්නොකරන අය ද සමාජයේ ඕනෑතරම් සිටිය හැකි බවද ඒ මහතා කියා සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now