අපරාධකාරයෙක්, දූෂිතයෙක්..CID එකට ගෙනාපුවාම ජන බලයක් තියනවා කියලා රඟනවා ඕවට අපි බය නෑ - ආනන්ද
අද වන විට විපක්ෂය වොයිස්කට් දේශපාලනයේ කටයුතු සිදු කරන අතර, ඔවුන්ට කිසිදු ජන වරමක් නොමැති බවත්, එයට රජය කිසිසේත් බිය නොවන බවටත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් ඊයේ (06) දින ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මෙම අදහස් දැක්වුවේ ඊයේ (06) දින පස්වරුවේ පොල්පිටිය පොලිස් ස්ථානය විවෘත කිරිමෙන් පසුව මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින්.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
ජවිපෙ මිනී මරණ කොට ඊට එරෙහිව හදිසි නීතිය ගෙනාවා..දැන් මොකටද? හදිසි නීතිය නිසා රත් වූ සබයට හදිසි තීරණයක් දැනුම්දෙයි
“විපක්ෂය මාධ්‍ය සන්දර්ශන දානවා. වොයිස්කට් දේශපාලනයේ යෙදෙමින් සිටිනවා. ඒවගේම ඔවුන් බියට පත් වෙලා තියනවා, නීතිය ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වෙනවා කියලා. විශේෂයෙන් විපක්ෂයේ සමහර පිරිස්වලට එරෙහිව ජනතාව පැමිණිලි ලබා දිලා තියනවා. ශ්‍රී ලංකා පොලිසියටත්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවටත් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඊට එරෙහිව හඬක් නැගිම සදහා විපක්ෂයේ වේදිකාව යොදාගෙන තියනවා. කවුරුහරි අපරාධකාරයෙක්, දූෂිතයෙක්, මූල්‍ය අවභාවිත කරපු කෙනෙක්, CID එකට ගෙනාපුවාම, පොලිසියට ගෙනාපුවාම ඊට එරෙහිව මහා ජන බලයක් තියනවා කියලා රංගන දක්වනවා. අපි කිසිසේත්ම පසුබට වෙන්නෑ මේ රටේ මහජනයාගේ දේපළ කොල්ල කාපු මංකොල්ලකරුවන්, මේ රටේ අපරාධ කරපු කිසිම පුද්ගලයෙක් ඔය විදිහට නිදල්ලේ හැසිරෙන්න අපි ඉඩ තියන්නේ නෑ. ඒ සියලු දෙනා නීතියේ රැහැනට ගේනවා. නීත්‍යානුකුලව කටයුතු කරනවා. අධිකරණයට පමුණුවනවා, ඒ පොලිසියේ කාර්යභාරය, ඒ කාර්යභාරය නොපිරිහෙලා ඉටු කිරිමට අපි පොලිසිය හසුරුවනවා.”