නිවසක සිරකරන්න හිටපු දරුවෙක් ගැන ඇහෙන අවාසනාවන්ත කතාව

Report

 ‍කෙසෙල්වත්ත, පීර් සයිබු වීදීයේ නිවසක දෙවන මහලෙන් පහළට පැන දරුවෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයන් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ අදාළ සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ 12 හැවිරිදි දරුවා මේ වනවිට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවය.

ප්‍රසිද්ධ මහාචාර්‍යවරයකු අභාවප්‍රාප්ත වෙයි

ප්‍රසිද්ධ මහාචාර්‍යවරයකු අභාවප්‍රාප්ත වෙයි

අදාළ දරුවා පසුගිය 13වන දින සිය නිවස ආසන්නයේ පදිංචි තවත් ළමුන් දෙදෙනෙකු සමග වෙළෙඳසැලකට ගොස් ඇති අතර එම වෙළෙඳසැල අසල පිහිටි තෙමහල් නිවසක ගේට්ටුවට තට්ටු කර ඇති බව සඳහන් ය.

එහිදී එම නිවසේ පදිංචි පුද්ගලයෙකු දරුවා බලහත්කාරයෙන් නිවස තුළට ඔසවාගෙන ගොස් දෙවන මහලේ කාමරයකට දමා සිරකර ඇති අතර එහිදී බියට පත්වූ දරුවා එම කාමරයේ ජනේලයක් විවෘත කර බිමට පැන ඇති බව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඊට ආධාර අනුබල දුන් 59 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කෙසෙල්වත්ත පොලීසිය පැවසීය. පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.

මොලේ මියගිය කෙනෙකුගේ වකුගඩුවකින් ජීවිතය බේරගත් ලාබාලම දියණිය

මොලේ මියගිය කෙනෙකුගේ වකුගඩුවකින් ජීවිතය බේරගත් ලාබාලම දියණිය