මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙක් වන බකලා කොටුවෙයි.

Sri Lanka Police Crime
By Wayomi Feb 19, 2023 04:46 AM GMT
Wayomi

Wayomi

Report

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සිසිර කුමාර ජයසිංහ හෙවත් බකලා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිටියදීයි.

එහිදී මොහු සතුව තිබූ කඩුවක්, තහනම් පිහියක් සහ යුද හමුදාව භාවිත කරන කබායක් සොයාගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ, සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ප්‍රදීප් කුමාර ජයවර්ධන හෙවත් මයිකල් නමැත්තා සමඟ එක්ව අපරාධ ක්‍රියාවල නිරතව ඇති බවට අනාවරණ වී ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...       

JOIN NOW