රටවල් 41 කින් ශ්‍රී ලංකාවට දැඩි ඉල්ලුමක්. - රට රැකියා හොයන අයට මෙන්න අවස්තවක්.

Manusha Nanayakkara Sri Lanka
By Wayomi Jun 24, 2023 04:51 AM GMT
Wayomi

Wayomi

Report

රටවල් 41 කින් ශ්‍රී ලංකාවට රැකියා බලපත්‍ර ලක්‍ෂ 12 කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

එමෙන්ම මෙම වසර තුළ මෙරට ශ්‍රමිකයන් ලක්‍ෂ තුනකට අධික සංඛ්‍යාවක් විදේශගත කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ, මෙම රැකියා බලපත්‍ර සඳහා ශ්‍රමිකයන් යොමුකිරීමේදී වෘත්තිය කුසලතා සහ භාෂා හැකියාව යන අවශ්‍යතා සම්පූර්ණ කරන පුද්ගලයන්ට අවස්ථාව හිමිවන බව කී අමාත්‍යවරයා නිපුණතාව සහ භාෂා කුසලතාව වර්ධනය කර ශ්‍රී ලාංකිකයන් විදේශගතකිරීමට විදේශ රැකියා අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බවයි.