එක්සත් ජාතීන්ගේ පාසලකට ගාසාහිදී ඊශ්‍රායල ප්‍රහාරයක්..

By Parami Dissanayake Jun 06, 2024 05:34 PM GMT
Report

මධ්‍යම ගාසා තීරයේ පලස්තීනුවන් සිටි එක්සත් ජාතීන්ගේ පාසලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නාගරික නුසෙයිරාට් සරණාගත කඳවුරේ පාසලේ ඉහළ මහලේ පන්තිකාමර වෙත යුද ගුවන් යානයක් මිසයිල දෙකක් එල්ල කර තිබෙන බවද වාර්තා වේ.

පොලිසියේ දී මුදල් පසුම්බියක් සොරකම් කළ අඹු-සැමි යුවළක්‌ අත්අඩංගුවට...

පොලිසියේ දී මුදල් පසුම්බියක් සොරකම් කළ අඹු-සැමි යුවළක්‌ අත්අඩංගුවට...

කෙසේ වෙතත්, ඊශ්‍රායල හමුදාව කියා සිටියේ තමන් පාසල තුළ “හමාස් පරිශ්‍රයකට නිශ්චිත ප්‍රහාරයක් එල්ල කළ” බවත් එහි සිටි සටන්කරුවන් 20 සිට 30 දක්වා බොහෝ දෙනෙකු මරා දැමූ බවත් ය.