ජැෆ්නා කිංග්ස් ලට අනුග්‍රහය දැක්වූ MTFE ගැන මහ බැංකුවෙන් විමර්ශනයක්.
Central Bank of Sri Lanka
Sri Lanka Cricket
Sri Lanka
By Wayomi
MTFE SL Group ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීමේ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, අදාළ ආයතනයේ ක්‍රියාකාරකම් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම යටතට වැටෙන බවට විශ්වාස කළ හැකි කරුණු අනාවරණ වෙමින් පැවතීම හේතුවෙන්.
එම ආයතනය 2023 ලංකා ප්‍රිමියර් ලිග් තරගාවලියේ අනුග්‍රාහකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අයි.පී.ජි සමාගම සමඟ ගිවිසුම් ගතව තිබුණා.
ඒ හේතුවෙන්, ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ජර්සියේ මෙම සමාගමේ ලාංජනය මුද්‍රණය කිරීමටත් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවල ප්‍රචාරණ කටයුතු සිදු කිරීමටත් එම ආයතන කටයුතු කර තිබෙන අයුරු දක්නට ලැබුණා.
