පෝර්ට්සිටියට බ්‍රිතාන්‍යයේ කීර්තිමත් පාසල් එකතුවක්.

Port of Colombo
By Wayomi Feb 19, 2023 04:04 AM GMT
Wayomi

Wayomi

Report

කොළඹ වරාය නගරයේ ජාත්‍යන්තර පාසලක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සොයා බලා තිබෙනවා.

ඒ, අනුව බ්‍රිතාන්‍යයේ කීර්තිමත් පාසල් එකතුවක් මෙලෙස ඉදිකිරීමට සූදානමක් පවතිනවා.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ ස්වාධීන පාසල් තුනක දූත පිරිසක් ද පසුගියදා මෙරටට පැමිණ ඇති අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සහ කොළඹ වරාය නගරයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමඟ ද සාකච්ඡා කර තිබෙනවා.

අදාළ පාසල් බ්‍රිතාන්‍යයේ 16 වැනි සියවස තරම් ඈතට දිවෙන ඉතිහාසයක් සහිත පාසල් එකතුවක් වන අතර රසල් සමූහයට අයත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට ද සමත්වී ඇති විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කර ඇති පාසල් සිසුන් රාශියක් සිටින පාසල් එකතුවකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...       

JOIN NOW