ඉන්දීය අමාත්‍යවරියක් අද දිවයිනට.

Dinesh Gunawardena Ranil Wickremesinghe Smt Nirmala Sitharaman Sri Lanka India
By Hashini Nov 01, 2023 02:38 AM GMT
Hashini

Hashini

Report

ඉන්දීය මුදල් අමාත්‍යවරිය වූ නිර්මලා සීතාරාමන් මහත්මිය නිල සංචාරයක් සඳහා අද (01) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුවට එක් වීමට අමාත්‍යවරිය මෙලෙස සංචාරය සඳහා එක්ව ඇති  බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරනවා.

එම සමුළුව හෙට (02) දිනයේ පැවැත්වීමට නියමිත අතර, එහි ප්‍රධාන දේශනය ඉන්දීය මුදල් අමාත්‍යවරිය පවත්වනු ලබනවා.

සීතාරාමන් මහත්මිය ත්‍රිකුණාමල‍යේ පිහිටි තෙල් ටැංකි සංකීරණයේ නිරීක්ෂණ චාරිකාවකට මෙන්ම යාපනයේ සහ මහනුවර යන ප්‍රදේශවලද සංචාරයන්හි නිරතවීමට නියමිතයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ නිර්මලා සීතාරාමන් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් රැසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.

එසේම අමාත්‍යවරිය ශ්‍රී ලංකා රජය සමඟ ආගමික ස්ථානවල සූර්ය බලපද්ධති සවිකිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්තාවටද සහභාගී වීමට නියමිතයි.

ReeCha