වෙන්නප්පුවේ ASP ගැන හිටපු ක්‍රීඩක ධම්මික ප්‍රසාද්ගෙන් සංවේදී සටහනක්...
ස්ථාන මාරුවක් ලැබූ වෙන්නප්පු සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.අදාළ සිදුවීම මේ වන විට සමාජ මාධ්‍ය පවා ආක්‍රමණය කර ඇති ආකාරය දැකිය හැකි ය.වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරිවරයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ද සිය මතය තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියාය.එනම්, "මීට කලකට ඉහතදී මා ඔහු හමුවී කිට්ටු මිත්‍රත්වයක් ගොඩ නගා ගැනීමට හැකිවිය නමින් ඔහු එරික් පෙරේරා වේ.එයද වියැකී යාමට ගිය දක්ෂ ක්‍රීඩකයෙකු ගේ අනාගතය වෙනුවෙන් මුහු කළ කී දෑ මෙන්ම ඔහු හට උදව් කරමින් ඔහුගේ අනාගත රැක ගැනීමට දායක වීමේ සිද්ධියක් මගිනි.
අද ඔවු ජයග්‍රහණ ලබමින් ලෝක පදක්කම් කරා සෙමින් පිය නගන විට ඔහු මට කතා කරමින් පවසන්නේ මල්ලි මේ කොල්ලා වෙනුවෙන් දෙයක් කිරීමට ලැබීම ගැන සතුටු වන බවය.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයකු වන මොහු තමාගේ රාජකාරිය දේවකාරියක් සේ සලකා වැඩ කරන හොඳ කොන්දක් ඇති කිසිම දේකට නම්මවා ගත නොහැකි දක්ෂ නිලධාරියෙකි.
වත්තල ප්‍රදේශය තුළ මුහු සේවය කරන විට නීති විරෝධී ක්‍රියාවන් නැවැත්වීමට කළ සේවය අගය කළ යුතුමය.ඉන්පසු ඔහු වෙන්නප්පුව ප්‍රදේශයේ රාජකාරිය කරනා විට මෙවැනි ආකාරයෙන්ම කටයුතු කරමින් යන විට ජනතා නියෝජිතයන්ගේ අතපෙවීම් අනුමත කළ නොහැක.එහි ප්‍රතිඵලය වනුයේ ඔහුට සේවා මාරුවක් ලැබීමයි.මෙය අනුමත කළ නොහැකි පහළ පන්තියේ බාලයන් කරන ලද අදම ක්‍රියාවක් සේ සැලකිය හැක සමහර උදවිය අපගේ පරම ඡන්ද අයිතිය තුළින් ලැබූ ජයග්‍රහණයන් අවභාවිතා කරන ආකාරයක් මෙවැනි සිද්ධි තුළින් අපට පැහැදිලිවම දැකගත හැකිය.
ඔබල ජනතා වරමින් ඔසවා තබන්නේ රටේ අනාගත සුරක්ෂා කිරීමට රජයට සහයෝගය දෙනු විනා තමන්ගේ සහා තමන්ගේ සහචරයා ආරක්ෂා කිරීමට හෝ රැක ගැනීමට නොවන බව පැහැදිලිවම ඔලුවේ රඳවා ගත යුතු කාරණාවකි.එමගින් රටට ආදරේ කරන රට වෙනුවෙන් අවංකව සේවය කරන කොට්ඨාසයක් අපට රැක ගත හැකිය.අපට හැම විට වටිනුයේ රට විනාශ කරන පුද්ගලයන් නොවේ අප මේ රට අපේ දූ දරුවන් වෙනුවට රැකගත යුතුය. අනිසි බලපෑම් මෙවැනි නිලධාරීන් හට යොමු නොකළ යුතුය.දේශපාලන බලය අවභාවිතා නොකළ යුතුය.ජනතා ආධිපත්‍යය රැකෙන සේ ඔවුන්ගේ ධුර කාල තුළ වැඩ කළ යුතු බව තරයේ මතක තබාගත යුතුය.
ප්‍රජාතන්ත්‍රවාදය උපරිම අයුරින් රැකිය යුතු බව කනගාටුවෙන් හෝ මේ දේ කිරීමට සිදු වීම ගැනද මම කණගාටු වෙමි.අපට අවශ්‍ය වනුයේ පාට පක්ෂ භේදයෙන් තොර වූ සුරක්ෂිත රටකි. එම නිසා මෙවැනි ක්‍රියාවන් මම සහ අපි අනුමත නොකරමු.
කරනා හොඳ දේ අනුව අනාගතය තීරණය වන බව නිතර සිහියේ තබා ගත යුතුය.අප ජනතාව බුද්ධිමත්ය කාලානුරූපීව වෙනස් වන තර්කානුකූල බුද්ධියකින් හෙබි ජනතාව ක් අපට සිටින බව අමතක නොකළ යුතුය.(මෙවැනි සිද්ධීන් කෙරෙහි අදාළ බලධාරීන්ගේ අවධානය යොමුවනු ඇතැයි විශ්වාස කරන අතර මෙවැනි දේවල් මගින් ජනතාවගේ අප්‍රසාදයට පත්වීම වහා නතර කළ යුතු ය )"



