කොළඹ සිට මඩකලපුව බලා ඊයේ රාත්‍රී ධාවනය වූ පුලතිසි දුම්රියේ ගැටීමෙන් වන අලියකු මියගිය සංවේදි සිදුවීම.
පොලොන්නරුව මඩකලපුව දුම්රිය මාර්ගයේ වැලිකන්ද පුල්ලෙයාර් අඩි ප්‍රදේශයේයේ දී මෙම වන අලියා දුම්රිය ගැටී මිය ගොස් තිබෙනවා.
සෝමාවතිය රක්ෂිතයේ සිට මාදුරුඔය රක්ෂිතයට වන අලි රංචුවක් මාරු වීමේදී මෙම වන අලියා දුම්රියේ ගැටී ඇතැයි වනජීවී නිලධාරීන් සැක කරනවා.
මේ අතර මෙම ස්ථානය අලි මාරු වන අලිමංකඩ ලෙස ද හඳුන්වනු ලබන බවත් එම ස්ථානයේ දුම්රිය රියදුරන්ගේ දැනගැනීම සඳහා වේගය සීමා කරන ලෙස දැන්වීම් ගසා තිබුණ ද එය නොසලකා හැර දුම්රිය රියදුරන් දුම්රිය අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් මෙසේ වන අලි දුම්රියේ ගැටී මිය යෑම නිරන්තරයෙන් සිදුවන බව වනජීවි නිළධාරීන් අවධාරණය කළා.
වයස අවුරුදු 25ත් 30ත් අතර පසුවන මෙම ගැහැණු වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (11) දහවල් ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් සිදු කළේ ය.
කෙසේ වෙතත්, දුම්රියේ ගැටුණු වන අලියා එම ස්ථානයේ මියගොස් තිබෙනවා.
