මෙරට දේවස්ථානවලට යළි ප්‍රහාරයක් එල්ල කිරීම ගැන විශේෂ නිවේදනයක්..

Sri Lanka Sri Lanka navy Attack on churches Defense ministry
By Aruna Sep 29, 2021 09:04 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාවේ දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සඳහන් කරමින් සමාජ හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වු පුවත සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම පුවත අදාළ බලධාරින් විසින් විශ්ලේෂණය කිරීමක් හෝ තහවුරු කිරීමක් සිදුකර නොමැති තොරතුරක් බවයි ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එම සිදුවීම සම්බන්ධයෙන් කලබල වීමට හේතුවක් නොමැති බවද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ අතර ඊයේ සිදුවූ මෙම සිදු වීම සම්බන්ධයෙන් අද දින විශේෂ මාධ්‍ය හමුවක් පැවැත් වුණා.

එය පහත වීඩියෝවෙන් නරඹන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now