ජනාධිපති අනුරට ජනවරම ගැන විමල්ගෙන් නිවේදනයක්...

Report

ටිල්වින්ව අගය කරමින් ජනාධිපති අනුරට ඡන්දය දුන් 69 ලක්ෂයක ජනවරම ගැන විමල්ගෙන් නිවේදනයක් ප්‍රභූ දේශපාලනයට එරෙහිව ගොඩනැගෙන විරෝධය තුළ විකල්පය හෙවත් ගැලවුම්කාරයා බවට ජාතික ජන බලවේගය පත්වන්නේ සුවිශේෂි ඓතිහාසික සාධකයක් මත බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා.

සැමියාගේ සැකය දෙදරු මවකට කරපු අහස පොළොව නුහුලන අපරාධය..

සැමියාගේ සැකය දෙදරු මවකට කරපු අහස පොළොව නුහුලන අපරාධය..

ඔහු අද මාධ්‍ය නිවේදනයක්  නිකුත් කරමින් සඳහන් කර සිටියේ ජනවරම  නිවැරදිව කියවා ගැනීම වැදගත් බවයි.

එහි දැක්වෙන්නේ ජනවරම හිසට බරක් වන බව සහ එය අවභාවිත නොකරන බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කිරීම අගය කරන බවයි.

හදිසියේම NPP මන්ත්‍රීවරුන් ව පක්ෂ මූලස්ථානයට කැඳවයි..

හදිසියේම NPP මන්ත්‍රීවරුන් ව පක්ෂ මූලස්ථානයට කැඳවයි..

එමෙන්ම 2015 - 2019 කාලයේදී රනිල් වික්‍රමසිංහ පාලනය විසින් නිර්මාණය කරන ලද අර්බුදය විසඳීම සඳහා, ගෝඨාභය රාජපක්ෂට ලබා දුන් 69 ලක්ෂයක ජනවරම නිර්මාණය කළේ ද, මෙවර අනුර දිසානායක ජනාධිපතිවරයාගේ 69 ලක්ෂයක ජනවරමට දායක වූ අති බහුතරයක් බවත් විමල් වීරවංශගේ නිවේදනයේ සඳහන්.

රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව සඳහා නිර්භීත දේශපාලන තීන්දු ගන්නා ලක්ෂ 60ක 70ක ඡන්ද දායකයින් පිරිසක් සිටින වග මෙමගින් පැහැදිලි වන බව ද එම නිවේදනයෙන් පෙන්වා දෙනවා

GalleryGalleryGallery