මත් වතුරට ඇබ්බැහි වුණ පියෙක් දියණියගේ පරිගණකය විකුණලා - දියණියගෙන් පොලිසියට කෝල් එකක්..
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
ඉංගිරිය ප්‍රදේශයේ මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත දියණියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් භාවිත කළ පරිගණකය සිය පියා විසින් මත්පැන් පානය සඳහා විකුණූ පුවතක් වාර්තා වෙනවා.
ඒ සම්බන්ධයෙන් ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාට මෙම දියණිය විසින් දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇත.
ඉන් පසුව පොලිසියට අණාවරනය වී ඇත්තේ දැරියගේ පියා විසින් මෙම පරිගණකය රුපියල් 3500කට විකුණා ඇති බවයි.
මේ අතර නැවත එම පරිගණකය පොලිස් භාරයට ගැනීමට කටයුතු කර ඇති අතර පසුව එම දැරියගේ මිත්තණිය සහ පියා ද පොලිසියට කැඳවා තිබෙනවා.
කෙසේ වෙතත්, ස්ථානාධිපතිවරයා විසින් දැරියගේ පියා අමතමින් නැවත මෙවැනි ක්‍රියා නොකරන ලෙස දැඩි සේ අවවාද කර ඇත.
