තවත් ගුවන් යානයක් උඩුගුවනේදී වායු කැලඹීමකට හසුවෙයි. - (VIDEO)
තවත් ගුවන්යානයක් උඩුගුවනේ දී වායු කැලඹීමකට හසුවීමෙන් මගීන් 12 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
ඒ, කටාර් රාජ්‍යයේ දෝහා සිට අයර්ලන්තයේ ඩබ්ලින් බලා පියාසර කරමින් පැවති කටාර් එයාර්වේස් සමාගමට අයත් ගුවන්යානයක්.
යානය නිරුපද්‍රිතව ගොඩබැස්වීමට එහි නියමුවන් සමත්ව තිබූ අතර තුවාල ලබා තිබුණේ මගීන් හය දෙනෙක් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් හය දෙනෙක්.
පසුගිය සතියේදී සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයක් ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබියදී මෙවැනිම වායු කැලඹීමකට හසුවීමෙන් ඇතිවූ කම්පනයෙන් එහි ගමන් කළ මගියෙක් මරණයට පත් වුණා.