හවස් යාමේ, වාහන කිහිපයක් එකිනෙක ගැටෙයි.. දක්ෂිණ අධිවේගය වැසෙයි ද?.
By krishani
අද (19) පස්වරුවේ දක්ෂිණ අධිවේගයේ වාහන කිහිපයක් එකි නෙක ගැටී අනතතුරක් සිදුව තිබෙනවා.
ඒ කුරුඳුගහ සහ වැලිපැන්න ප්‍රවේශ මාර්ග අතර 66 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී ගාල්ල දෙස සිට කොළඹ බලා දිවෙන මාර්ගයේ ය.
එහිදී එක් වාහනයක ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව අධිවේගී පොලීසිය පවසයි.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර මේ වන විට අනතුරට පත් වාහන ඉවත් කර මාර්ගය වාහන ධාවනයට විවෘත කර ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය.