විශ්ව රහස් සොයන නාසා ආයතනයේ අලුත් මෙහෙයුම මෙන්න..

NASA American Global World news
By Aruna Dec 10, 2021 06:06 AM GMT
Aruna

Aruna

Report

විශ්වයේ වඩාත් අපූර්ව සංසිද්ධීන් පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා ඇමරිකානු නාසා ආයතනය නව ගවේෂණ යානයක් ඊයේ(10)දින උඩු ගුවනට යොමු කළා.

ඉක්ස්පී හෙවත් එක්ස් කිරණ ධ්‍රැවණමිති ගවේෂණ යානය රැගත් ස්පේස් එක්ස්, ෆෝල්කන් - 9 රොකට්ටුව ෆ්ලොරිඩාවේ කෙනඩි ගගන මධ්‍යස්ථානයේ උඩු ගුවනට පිවිසි බවයි, නාසා ආයතනය සඳහන් කළේ.

විශේෂ ධ්‍රැවණමිති සංවේදී ග්‍රාහක සහිත අති නවීන අභ්‍යවකාශ දුරේක්ෂ 3 ක් මෙම ගවේෂණ යානයේ සවිකර තිබෙනවා.

විශ්වයේ විවිධ වස්තූන් වෙතින් නික්මෙන ආලෝකය ග්‍රහණය කරගනිමින් ඒවා විශ්ලේෂණය කිරීම මෙමඟින් සිදු කෙරෙනු ඇති.

නාසා ආයතනයේ නව ගවේෂණ යානය මගින් විශ්වයේ මෙතෙක් අභිරහසක්ව පවතින සංසිද්ධීන් කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරන අතර, සුපර් නෝවා තාරකා කොටස්, බ්ලැක් හෝල්ස් හෙවත් දැවැන්ත කළු කුහර මෙන්ම වෙනත් අධිශක්ති ජනනය කරන අභ්‍යවකාශ වස්තූන් ඊට අයත්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now