ඇමරිකානු රංගන ශිල්පිනී මිෂෙල් ට්‍රැක්ටර්බර්ග් මිය යයි
United States of America
By Gagana News
ඇමරිකානු රංගන ශිල්පිනියක් වන මිෂෙල් ට්‍රැක්ටර්බර්ග් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මිය යන විට ඇය 39 හැවිරිදි වියේ පසු වූ අතර ඊයේ උදෑසන 8.00ට පමණ පොලිස් හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් ලැබී ඇත්තේ ඇය සිහිසුන්ව මහල් නිවාසයේ වැටී සිටින බවටයි.
පසුව හදිසි වෛද්‍ය සේවකයින් සඳහන් කර සිටින්නේ ඇය මිය ගොස් ඇති බවයි.
ඇතැම් මාධ්‍ය වාර්තා වලින් ඇය මෑතකදී අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට භාජනය වූ බවත්, ඇතැම් විට එහි සංකලතා නිසා මරණය සිදු වූ බවත් වාර්තා කරයි.
නිව්යෝර්ක්හි උපන් මිෂෙල් ට්‍රැක්ටර්බර්ග් ළමා නිළියක් ලෙස සිය වෘත්තිය ජීවිතය ආරම්භ කළ අතර 1996 දී Harriest The Spy චිත්‍රපටය ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබේ.
