ගිනි අවි භාවිතය සම්බන්ධයෙන් පැවති නීති සංශෝධනය කරයි - ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැක්කේ මෙහෙමයි..
වගා ආරක්ෂණ කටයුතු සඳහා ගිනි අවි භාවිතය වෙනුවෙන් පෙර පැවති නීති සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව එම බලපත්‍ර නිකුත් කිරීම සඳහා තිබිය යුතු වගා භූමි ප්‍රමාණය අක්කර 5ක් දක්වා සංශෝධනය කිරීමටයි තීරණය කර ඇති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කළේ ය.
වසරක් තුළ විවිධ වන සතුන් හේතුවෙන් විශාල ලෙස බෝග විනාශ වන හෙයින් කාලීන අවශ්‍යතාවක් ලෙස සලකා මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.
මෙරට කෘෂිකර්මාන්තය නගා සිටුවීම ,ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීම සහ රටේ ආහාර සුරක්ෂිතතාව සඳහා කරනු ලබන ධනාත්මක වැඩසටහන් පිළිබඳව රජය විසින් යොමු කර ක්‍රියා කරන බවත් වගා ආරක්ෂණ කටයුතු සඳහා ගිනිඅවි භාවිතය සම්බන්ධ තොරතුරු පිළිබඳව වැඩි විස්තර අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබා ගත හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |