රාජ්‍ය නිලධාරීන්ගේ ඇප ආඥාපනත සංශෝධනය ගැන කැබිනට් එක අද ගත්ත තීරණය..

By Piyumika Dec 31, 2024 07:45 AM GMT
Report

රාජ්‍ය නිලධාරීන්ගේ ඇප ආඥාපනත සංශෝධනය කිරීමට කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෙම ඇප ආඥාපන අනුව රාජ්‍ය නිලධාරීන් සඳහා ඇපකරයක් නියම කිරීම මගින් එකී රාජ්‍ය නිලධාරියා ස්වකීය රාජකාරි ඉටු කිරීමේදි තමා අතින් රජයට සිදුවිය හැකි පාඩු ඔහු විසින් තබන ලද ඇපකරයෙන් අයකර ගැනීම සිදුකරනු ඇත.

තරුණයින් තිදෙනෙකු මිය යාමේ සිද්ධියක් නිසා TikTok වලට දඩයක්..

තරුණයින් තිදෙනෙකු මිය යාමේ සිද්ධියක් නිසා TikTok වලට දඩයක්..

එම ක්‍රියාලිය සරල හා කාලෝචිත අයුරින් සිදු කිරීමට හැකි වන පරිදි රාජ්‍ය නිලධාරීන්ගේ ඇප ආඥාපනත පූර්ණ ප්‍රතිශෝධනයකට ලක් කිරීමට අවශ්‍ය සංශෝධන හඳුනාගැනීම සඳහා නිලධාරී කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තිරණය කර තිබේ.

2025 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය..

2025 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය..

ඒ අනුව එකී රාජ්‍ය නිලධාරීන්ගේ ඇප ආඥාපනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.  

You may like this video