ඉදිරි සති දෙක තුළ අම්බුළුවාවට වෙන්න යන දේ - කැබිනෙට්ටුවට ඉදිරිපත් කරයි
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා විසින් ඉදිරි මාස කිහිපය තුළදී අම්බුළුවාව රක්ෂිතය එහි පාරසරික වටිනාකම් ආරක්ෂා කරමින් සහ එහි සිටින ජනතාවට සාධාරණයක් ඉටු කරමින් යළි ජනතාවගේ අයිතියට පත් කරන බව ප්‍රකාශ කරයි.
ඔහු මේ බව සඳහන් කළේ ඩෙංගු මර්දනය කිරීමේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන ශ්‍රමදාන වැඩසටහන සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දී පැවැති අවස්ථාවේදී මාධ්‍යෙව්දීන් නැගු පැනයකට පිළිතුරු දෙමින්.
එමෙන්ම අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මහජනතාවගේ දේපළ යම් කිසිවෙක් නිතිවිරෝධි ආකාරයට සදාචාරාත්මක ආකාරයට තමන් සන්තකයට ගෙන ඇත්නම් එයට එරෙහිව ක්‍රියාත්මක වන බවයි.
එසේම අම්බුළුවාව ජනතාවට අයිති දෙයක් වන අතර එය නැවත ජනතාවට ලබා දිම සදහා අවශ්‍ය නීති කෘතයන් කර තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ වෙනුවෙන් අවශ්‍ය පත්‍රිකා කිහිපයකට අවසර ගැනිමට ඉදිරි සති දෙක ඇතුලත කැබිනෙට්ටුවට ඉදිරිපත් කරන බවත් සඳහන් කර ඇත.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, අම්බුළුවාව රජයට පවරා ගැනිම සදහා යම් නීති කෘත්‍යක් සදහා පාර්ලිමේන්තුවේ යම් අවසරයක් ගැනිමට අවශ්‍ය වුවහොත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අවශ්‍ය අනුමැතිය ලබාගෙන ඉදිරි මාස කිහිපය ඇතුලතදි අම්බුළුවාව කියන රක්ෂිතය නැවත එහි පාරසරික වටිනාකම් ආරක්ෂා කර ගිනිමින් සහ එහි සිටින ජනතාවට සාධාරණයක් කරමින් නැවත ජනතාවගේ අයිතියට පත්කරනු ලබන බවද කියා සිටියා.