රෝගියා රෝහලට යවන ක්‍රමයක් හදා ගිලන් රථ රියදුරු මහ මග මිය ගිහින්...

JAFFNA WAWNIYA HEART ATTACK AMBULANCE DRIVER
By Sewvandhi Nov 09, 2021 05:46 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වවුනියාවේ සිට යාපනය ශීක්ෂණ රෝහල වෙත ඊයේ (07) රෝගියෙකු ප්‍රවාහනය කරමින් තිබූ ගිලන් රථයක රියදුරු හදිසියේම හෘදයාබාධයකට ලක්ව මිය යාමෙන් පසුව වෙනත් ගිලන් රථ රියදුරෙකු යොදවා රෝගියා රෝහල් ගත කොට ඔහුගේ ජීවිතය බේරා ගෙන තිබෙනවා.

ගිලන් රථ රියදුරා සංගුපිටිය පාලම ආසන්නයේදී හෘදයාබාධයකට ලක් වීමෙන් පසුව ඔහු ඉතා අපහසුවෙන් ගිලන් රථය නතර කොට මහමග ගමන් කළ අයෙකුට සිද්ධිය පවසා විනාඩි කීපයකින් ගිලන් රථය තුළම මියගොස් තිබේ.

මහමග ගමන් කල පුද්ගලයා අදාල අංශ දැනුම්වත් කිරීමෙන් පසුව වෙනත් රෝහලකින් ගිලන් රථ රියදුරෙකු කැඳවා රෝගියා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඔහුගේ දිවි ගලවා ගැනීමට හැකි වී තිබේ.

මියගිය ගිලන් රථ රියදුරාගේ මෘත ශරීරය වැඩිදුර පරීක්ෂණ සදහා පුනරීන් රෝහලට වෙත බාර දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha