පාලන මිල නොතැකූ වෙළෙඳසැල් දෙකකට දඩ
අද (19) දින පාලන මිල ඉක්මවා දේශීය ටින් මාළු අලෙවි කළ ඇඹිලිපිටිය පල්ලේගම ප්‍රදේශයේ වෙළෙඳසැල් දෙකකට රුපියල් ලක්ෂ 2ක දඩ මුදලක් නියම කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
එමෙන්ම පැමිණිල්ලක් මත අදාළ වෙළෙඳසැල් වටලා එහි හිමිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කර ඇත.
ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් එහිදී අදාළ වෙළෙඳසැල් හිමිකරුවන් දෙදෙනා සිදුකළ වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ 02ක දඩ මුදලක් නියම කිරීමට නියෝග කර ඇත.