මුහුඳ රළු වෙයි - වහාම ඇම්බර් මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් වේ

Report

කොළඹ හරහා මීගමුවේ සිට ගාල්ල දක්වා විහිදෙන මුහුදු ප්‍රදේශ සඳහා, ඔක්තෝබර් 15 වන දින අලුයම 1:00 දක්වා වලංගු වන පරිදි රළු මුහුදු තත්ත්වයන් පිළිබඳ 'ඇම්බර්' (Amber) මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

අද (14) පස්වරු 4:30ට ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද අංක 12 දරන නිවේදනයට අනුව, මීගමුව-කොළඹ-ගාල්ල වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව අපේක්ෂා කෙරේ.

හදිසියේම කේ.ඩී. ලාල් කාන්තට කරදරයක් - අමාත්‍යවරයා තමන්ගේ කටින්ම හෙළිකළ විස්තරේ මෙන්න

හදිසියේම කේ.ඩී. ලාල් කාන්තට කරදරයක් - අමාත්‍යවරයා තමන්ගේ කටින්ම හෙළිකළ විස්තරේ මෙන්න

මෙම ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර 60ත් 70ත් අතර වේගයකින් හමන තද සුළං ඇති විය හැකි අතර, මුහුද ඉතා රළු විය හැකිය.

එම මුහුදු ප්‍රදේශවල ක්‍රියාත්මක වන නාවික හා ධීවර ප්‍රජාවන්ගෙන්, විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.