අම්බලන්ගොඩ මිනී මැරුමට අදාළ සැකකරුවන් පැමිණි යතුරුපැදිය හමුවෙයි..
ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ - ඌරවත්ත ප්‍රදේශයේදී අඹුසැමි යුවලක් වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය මීටියාගොඩ ප්‍රදේශයේ කුරුදු කැලෑවක තිබී සොයාගෙන තිබෙනවා.
එම ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය මීටියාගොඩ ප්‍රදේශයේ සඟවා ඇති බවට ඇල්පිටිය පොලීසියට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව පොලීසිය කළ විමර්ශනයකදී කුරුදු කැලෑවක සඟවා තිබූ යතුරුපැදිය ඊයේ රාත්‍රී 9ට පමණ සොයා ගැණුනා.
කඩවත ප්‍රදේශයෙන් සොරකම් කර ඇති මෙම යතුරුපැදිය ව්‍යාජ අංක තහඩු යොදාගෙන භාවිත කර ඇති බවටයි තොරතුරු අනාවරණය වී තිබෙන්නේ.
මාදම්පාගම ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි සහ 46 හැවිරිදි අඹුසැමි යුවලක් ඊයේ (10) දහවල් ඌරාවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කෙරුණේ අසල්වැසියන්ට එරෙහිව ඔවුන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් ඉවත් කරගැනීමට පොලිස් ස්ථානයට ගොස් නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදීයි.
ඔවුන් දෙදෙනා යතුරුපැදියෙන් ගමන්කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින්.
මියගිය අඹු සැමි යුවලට එරෙහිව මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතිනවා.
එමෙන්ම අදාළ කාන්තාවගේ සොහොයුරාදා මීට මාස කිහිපයකට ඉහතදී ඝාතනය කර ඇති බවටයි වාර්තා වන්නේ.