රුපියල් 10000 හේ දීමනාව 20000 දක්වා ඉහළ නංවයි..මෙන්න සුබ ආරංචියක්.

By Aruna Oct 30, 2024 03:04 AM GMT
Report

දෙමළ ජනතාවගේ වැදගත් උත්සව අවස්ථාවක් වන දීපාවලි  වෙනුවන් රාජ්‍ය වැවිලි සමාගම් විසින් වාර්ෂිකව ලබාදෙන උත්සව දීමනාව රුපියල් දසදහසකින්(10000) ඉහල දමා තිබෙන බව වාර්තා වනවා.

මේ අනුව පියවර ගෙන ඇත්තේ, මීට පෙර වර්ෂ වල එම මුදල රුපියල් දස දහසක්ව පැවති අතර එය රුපියල් 20,000 දක්වා ඉහළ දැමීමටයි.

අනිද්දා විශේෂ පාසල් නිවාඩුවක් ගැන දැනුම් දීමක්..නිවාඩුව ලැබෙන්නෙ මෙහෙමයි.

අනිද්දා විශේෂ පාසල් නිවාඩුවක් ගැන දැනුම් දීමක්..නිවාඩුව ලැබෙන්නෙ මෙහෙමයි.


දමිළ කම්කරු ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව පහළ අගයක පැවතීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි,වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සදහන් කළේ.

මේ අතර, දීපාවලි උත්සවය වෙනුවෙන් මධ්‍ය සහ ඌව පළාතේ දෙමළ පාසල්වලට අනිද්දා දිනයේද නිවාඩු ලබාදී ඇති අතර ඒ වෙනුවට ලබන මස 09 වැනිදා පාසල් පැවැත්වෙනු ඇති බවයි දැනුම්දී ඇත්තේ.