වැල්ලවායේ ඇල්ලට තරුණයක් දෙදෙනෙකු බිළිවූ සංවේදි බොහිසුණු වීඩියෝව ( VIDEO)

srilanka Allewela waterfall
By Sithumi Mar 01, 2022 01:40 PM GMT
Sithumi

Sithumi

Report

දිය නෑම තහනම් කර ඇති වැල්ලවාය - ඇල්ලවල ඇල්ලේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද පෙරවරුවේ මෙම තරුණයින් දෙදෙනා තම මිතුරන් 5 දෙනෙකු සමග දිය නෑමට ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. එම අවස්ථාවේදී දිය පහරට හසුවීමෙන් 21 සහ 22 හැවිරිදි අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයින් ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කියා සිටියේ.

පසුගිය මස 5 වන දා මෙහි දිය නෑමට පැමිණි පුද්ගලයින් තුන්දෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වුණා. එසේම පසුගිය වසරේ ඔක්තෝම්බර් 20 වනදා ද පියෙකු තම දියණිය සහ පුතු සමග මෙම දිය ඇල්ලේ දිය නෑමට ගොස් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබුණා.

දිය නෑම අනතුරුදායක බවට ප්‍රදර්ශනය කර තිබියදීත් එම නියෝග කඩ කර, දියනෑම හේතුවෙන් මෙවැනි අනතුරු සිදුවන බව මීට පෙර වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් චන්දන රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා

එම වීඩියෝව පහතින්... සංවේදී අය නැරඹීමෙන් වලකින්න